පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට

    නොවැම්බර් 01, 2022

    නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් නවක වෛද්‍යවරුන් පිරිසකට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ලබාදිම සිදු විය.

    මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් වෙත අනියුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    ඉතාම අභියෝගාත්මක අවධියක, සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීමට නව පත්වීම්ලාභීන්ට අවස්ථාවක් ලැබී ඇති බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා තමා සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගන්නා විට රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබු බවත්, පැමිණිලි පමණක්ම ඉදිරිපත් වූ බවත්, එවැනිම තත්ත්වයක් තුළ නව පත්වීම් ලාභීන්ටද සේවය කිරිමට සිදු වන බව මෙහිදී පැවැසීය.

    වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යාමට මග පෙන්වන්නේ මනුෂ්‍යත්වය බවත්, මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන ජනතාවගේ ආදරයට පාත්‍ර වෙමින් රෝගීන්ට කාරුණික වෙමින් රෝගී ජිවිත වලට ජිවය ලබාදීමට කටයුතු කරන ලෙසත්, ලොව ඉතාම ශ්‍රේෂ්ඨ වෘත්තියක් වන වෛද්‍ය වෘත්තිය තුළ විඳ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළින් පැවතිය යුතු බවත් හෙතෙම කීය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සම්මානනීය වෘත්තියකට සීමාවාසික වෛද්‍යවරුන් පා තබන බවත්, එහි ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන්ගේ ගුණාත්භාවය තුළ බවත්ය. රෝගියා යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානම අංශයක් බැවින්, රෝගීන් කෙරෙහි කාරුණිකව අවධානය යොමු කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් කැපවිමට අදිටන් කරගන්නා ලෙසද ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I වෛද්‍ය ලාල් පනාපිටිය, තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya