පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා තාක්ෂණික ලෝකය හා මුසුවන ඔබ සැමට පහසු හා කඩිනමින් පරිසර ප්‍රකාශන පරිශීලනය කිරීමට පහසු මගක් උදා කරලීමේ අරමුණින් සකස් කරන ලද මෙම e - පුස්තකාලය තාක්ෂණිය දියුණුවන ලෝකයේ ඉදිරි පියවරක් තැබීමත්, පරිසරට ආදරය කරන හා පරිසරය පිළිබඳ දැනුම සොයන පරිසර හිතකාමි ගවේෂකයින්ට අත්වැලකි.
දරුවන්ට පොත් පරිශීලනයේ පහසුව හා කාලය කළමණාකරකරනය සදහා මනා තෝතැන්නක් ලෙස මෙම පුස්තකාලය හදුන්වා දීම අප ලද ජයග්‍රහණක් අමාත්‍යවරයා පැවසීය.
පරිසරයට ආදරය කරන පරිසර දැනුම සොයන ඔබට වඩා පහසුවෙන් එම දැනුම ග්‍රහණය කර ගැනීම වස් පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත ග්‍රන්ථ,වාර ප්‍රකාශන හා වාර්ෂික වාර්තා ආදිය E පුස්තකාලය මගින් පරිශීලනය කිරීමට අවශ්‍ය කටයුතු සළසා ඇත. පාසල් සිසුන්, පරිසර නියමුවන්,විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් , පර්යේෂකයන් හා පරිසර විෂයට උනන්දුවක් දක්වන සියලුම පාර්ශව වලට පහසුවෙන් පරිශීලනය කළ හැකි e- පුස්තකාලය සමන්විත වෙයි.
මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරණගේ මහතා,අධ්‍යක්ෂ ජනරාල්හේමන්ත ජයසිංහ මහතා, ඇතුළු පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය.
envmin.nsf.gov.lk වෙබි ලිපිනයෙන් පිවිසිය හැකිය