දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌවසහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි මි.මී 100ක ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි