සුපුන් එස්. පතිරගේ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන්, පාරිසරික විද්‍යා සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඇත. මේවනවිට ඔහු සබරගමුව විශ්වවිද්‍යලය සහ ජපානයේ කියෝෂ් විශ්වවිද්‍යාලය හා එක්ව පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී.
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඉහළ කළමනාකාරීත්වය ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි පස් අවුරුදු කාලය සඳහාවන සංයුක්ත සැලැස්ම (Corporate Plane) අනුව කටයුතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කෙටිකාලීන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එලෙසම පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. රූපසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ නව සභාපතිවරයාගේ පවුලේ සමාජිකයෝ සහභාගී වූහ