ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම, ස්වාධීනව වැඩකළ හැකි නිළධාරීන් ස්වාධීන කොමිෂන් සභා වෙත පත් කළ යුතු බවත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකළ හැකි අයවලුන් පත් කළ යුතු බව හෙතෙම මෙහි දී අවධාරණය කළ අතර මේ සඳහා සුවිශේෂී ලෙස නාම යෝජනා භාර ගෙන එම නාමයෝජනා සම්බන්ධයෙන් ඇති වන විරෝධතා ගොනු කිරීම් ලබාගෙන ඒ සඳහා වන අදහස් යෝජනා ගෙන ඉතාම සාධාරණ ලෙසට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.