අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, (01 දින ) ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP) විසින් සංවිධානය කළ කාන්තා ව්‍යවසායකයින් සඳහා විද්ද්‍යුත් වාණිජ්‍ය හා ඩිජිටල් අළෙවිකරණය පිළිබඳ ජාතික පුහුණු වැඩසටහනට සහභාගි වෙමිනි.
විද්‍යුත් වාණිජ්‍ය හා ඩිජිටල් අළෙවිකරණය පිළිබඳව කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP) විසින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වේ.
දින 3 ක පුහුණු වැඩසටහනක් වන මේ මඟින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් 85 දෙනෙක් සඳහා පුහුණුව ලබාදෙයි.
මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
“ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය අති විශාලයි. ලංකාවේ ගුරු ප්‍රජාවගෙන් 85% ක් කාන්තාවන්. වෛද්‍ය ක්ෂේත්‍ර යේ 60% ක්, නීතිඥ වෘත්තියේ 45% ක්, හෙද සේවයේ 90% ක් ලෙසින් වෘත්තීය මට්ටමින් කාන්තාවන් බොහෝ ඉදිරියට ඇවිත් සිටිනවා. මේ අතර කාන්තා ව්‍යවසායක ප්‍රජාවද බොහෝ ශක්තිමත්. ඔවුන් මේ වන විටත් ඉතා විශාල දායකත්වයක් ලංකාවේ ආර්ථිකයට ලබා දෙනවා. පසුගිය කොවිඩ් වසංගත තත්වය තුල මුළු ලෝකයේම ආර්ථික කටයුතු වල දිශානතිය වෙනස් මඟකට යොමු උනා. පැවති තත්වය මත ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් බිහිඋනා. ලංකාවේද විවිධ මට්ටම් වල ව්‍යාපාරික ප්‍රජාවටද මේ ඩිජිටල්කරණය වූ විද්ද්‍යුත් වාණිජ්‍ය සමඟ කටයුතු කිරීමට සිදුඋනා. ඉදිරියටත් මේ තත්වය තවත් වර්ධනය වෙනවා. එබැවින් ලංකාවේ ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායක ප්‍රජාව වෙනුවෙන් ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP) විසින් සංවිධානය කළ මෙම වැඩසටහන පිළිබඳව මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මෙවැනි වැඩසටහන් මඟින් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කාන්තා ව්‍යවසායකයින් තවදුරටත් බලගැන්වීමේ හැකියාව ලැබෙනවා. ” යැයි පැවසීය.
ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP) විසින් සංවිධානය කළ මෙම වැඩසටහන කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, කාන්තා ළමා කටයුතු හා සමාජ බලගැනවීමේ අමාත්‍යාංශය, කොළඔ විශ්ව විද්‍යාලය වැනි ආයතන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ දකුණු හා ගිණිකොණ ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka), එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරක හැනා සින්ගර්, (Ms. Hanna Singer), කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සාභාපති සම්පත් ඇරැහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.