අමාත්‍යවරයා මේ බව පැවසූවේ, තරුණ නව පරපුරේ විශිෂ්ටයින් ඇගයීමට පසුගිය (29) දා ගලධාරී හෝටලයෙහි පවත්වනු ලැබූ ''New Genaration Awards 2022'' සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
නව පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ආකල්ප මනා ලෙස හදුනාගත් Women in Management ආයතනය විසින් නව තාක්ෂණය, සමාජ මාධ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය, ක්‍රීඩාව වැනි ක්ෂේත්‍ර ගණනාවක නිපුනත්වයට පත් වූ තරුණ පරපුරේ විශිෂ්ටයින් ඇගයීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණි.
එහි දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉතා කාලෝචිත හා ඵලදායී වැඩසටහනක්. අභියෝගාත්මක අවස්ථාවක ආර්ථික බාධා විශාල වශයෙන් තිබෙන වෙලාවක සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂ ගෞර්වි රාජන් මැතිතුමිය සියලුම දෙනාගේ සහයෝගය හැකි අයුරින් ලබා ගෙන නිසි කළමණාකාරිත්වයක් තුළ අප රටේ තාරුණ්‍ය දිරිමත් කිරීමට, ඇගයීමට මෙම වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මා හට ආරාධනා කිරීම මා ලැබූ විශාල ගෞරවයක්. ප්‍රංශය, ජපානය වැනි බොහෝ රටවල තරුණ කටයුතු වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් නැහැ.
වෙනත් අමාත්‍යාංශයක් යටතේ තමයි තරුණ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. තරුණ සේවා සභාව කියා ආයතනත් බොහෝ රටවල නැහැ. අපේ තාරුණ්‍ය වෙනුවෙන් පරිපාලන සැළැස්ම ඉතා හොදින් සැකසී තිබෙනවා. හැබැයි අපි ඒ සියලුම සැළසුම් තිබියදී තාරුණය වෙනුවෙන් සියලුම වගකීම් ඉෂ්ඨ කළාද කියා විමසුවහොත් හෘදසාක්ෂිය අනුව එය කිසි සේත් අනුමත කළ නොහැකියි.
අපි පසුගිය දිනක ජාතික තරුණ සේවා සභාවේ දී ‘‘අනාගත තාරුණ්‍ය’’ ඒකාබද්ධ සැළැස්මක් එළි දැක්වූවා. වසරකට අප වෙත පැමිණෙන ලක්ෂ 3 ක් වන තාරුණ්‍යයේ වගකීම භාර ගන්නේ කෙසේද යන්න එහි දි පෙන්වා දුන්නා. අපේ රටේ සාමාන්‍ය දැනීම වගේම ජීවන කුසළතා දිගින් දිගටම පිරිහිලා යනවා. කඩා වැටීමක් අපිට පේනවා. මම දැක්කා එක නායක හාමුදුරුනමක් අනුශාසනා කර තිබුනා ‘‘අපි නිධානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක්’’ කියලා. ඒ කතාව හරි. මේ වෙලාවේ මේ රටේ ජනතාවට දේශපාලනය අප්‍රසන්නයි. දේශපාලන පක්ෂ පිළිකුල් වෙලා තිබෙන්නේ. ඒක තමයි යථාර්තය.
මම ව්‍යාපාරිකයෙක් ලෙස ගොඩනැගුනේ දියුණු වුණේ ජපානයේ ආභාෂයත් සමග. අපිට මේ රට දියුණු කරන්න ජපානයේ ආදර්ශය ගත්තානම් ඇති. අධිෂ්ඨානය, ඉවසීම, විනය, කැපවීම, ඉවසීම වැනි ගුණාංග තුළ තමයි ජපානය දියුණු වූයේ. අපේ තිබෙන සම්පත් එක්ක මේ රට දියුණු කළ හැකියි. ගොඩාක් වෙලාවට ඇහුම්කම් දෙන්න අවශ්‍යයි. එය ඉතාම වැදගත්.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා මහාචාර්ය රවී දිසානායක මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා, සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂ ගෞර්වි රාජන් මහත්මිය, ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.