පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී ද පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.
ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන් වෙත හිමිවේ.
මේ අනුව, පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.