ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මධ්‍යවේදියෙකු විසින් රජයේ සේවකයින් විදේශ ගත වීම සම්බන්ධව කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
විදේශ රැකියා කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා විදෙස් රැකියා සඳහා රාජ්‍ය සේවකයින් ලියාපදිංචි වීමට පසුගිය දිනවල ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව 15,000 ක ට වඩා වැඩි රාජ්‍ය සේවක පිරිසක් ඊට අයදුම් කර ඇති අතර ඉන් 273 ක් මෙලෙස ලියාපදිංචි ව නිශ්චිත වශයෙන් විදෙස් රැකියා වලට පිටත් ව තිබේ.
එහෙත්, දැනට පවත්නා ගැටලුව ලෙස අමාත්‍යවරයා සඳහන් කරනු ලබන්නේ, රජයේ සේවකයින් විදේශ ගත වීමට කැමති නමුත් ඒ ඒ රටවල ශ්‍රම වෙළඳපොළට ගැළපෙන උවමනා කරන සුදුසුකම් රාජ්‍ය සේවකයින් හට සකස් කර ගැනීම පිළිබඳව ගැටළුවක් තිබෙන බවයි.
මක් නිසාද යත්, මෙරට රජයේ සේවයට ගැනීමට උපයෝගී කර ගන්නා සුදුසුකම් වෙනත් රටවල,විදෙස් ශ්‍රම වෙළඳපොළට රැකියා සඳහා සුදුසුකමක් විය නොහැකි බැවිනි.
කෙසේවුවද, විදේශ ශ්‍රම වෙළඳපොලට සරිලන රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ දක්වා තිබෙන අතර තමන් ඉල්ලුම් කිරීමට අපේක්‍ෂා කරන රැකියාවට එමඟින් අයදුම් කළ පසුව ඊට අදාළ අනෙකුත් කර්තව්‍ය යන සිදු වන බව පැවසූ අමාත්‍යවරයා, විදේශ රැකියා අමාත්‍යංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශය යනු විදේශ රැකියා ගත වන්නන් පිළිබඳව නියාමනය කරන ආයතනය වන බැවින්, ඒ ඒ රටවල ශ්‍රම වෙළඳපොළට ගැළපෙන උවමනා කරන සුදුසුකම් රාජ්‍ය සේවකයින් සතුව තිබෙනවා ද, එසේ නොමැතිනම් ගැළපෙන සුදුසු කම් සකස් කරගන්නේ කෙසේ ද, සහ රාජ්‍ය සේවයේ උදවිය මේ සඳහා දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිරත විය හැකි රැකීරක්ෂා පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳවත් මේ දිනවල සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.