ඒ අතර කාන්තාවන් දෙදෙනකුද සිටින අතර ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විර්ශන ආරම්භ කර ඇත.
ජනතාව කුපිත කරවමින් පොලිසිය සමඟ ජනතාව ගැටීමට නායකත්වය දුන්නේ යැයි කියනු ලබන කැබිතිගොල්ලෑව රඹකැපූවැව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩසිටින 29 වියැති හිමි නමක් ඇතුළු 09 දෙනකු පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මේ හිමිනම එම විහාරස්ථානයේ වැඩවාසය කරන එකම හිමිනම බව පොලිසිය කියයි. එම හිමිනම කලක් යුද හමුදාවේ සේවය කර ඇති අයකු බවත් හමුදාවෙන් ඉවත් වීමෙන් පසු මහන වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මේ හිමි නමත් විහාරස්ථානයේ ආවතේවකරුත් ඇතුළු සිවුදෙනකු පෙරේදා (31) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (01) දිනයේදී බවත් පොලිසිය සඳහන් කළේය.
කලහකාරීන් විසින් පහරදී ඝාතනය කර ඇත්තේ අංක 43/ඒ, ඩයස් වත්ත, මල්වාන, වාරියපොළ ලිපිනයේ පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී. සුනිල් (12601) නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි. මේ නිලධාරියාගේ හිසට පොල්ලකින් පහරදී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.