නොවැම්බර් මස 20 වන දා සිට දෙසැම්බර් 18 වන දා දක්වා කටාර් හිදි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් කටාර් රාජ්‍යයට පැමිණෙන මිලියන ගණනක් වු පාපන්දු ලෝලීන් ඉලක්ක කරගනිමින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනිමේ අරමුණ පෙර දැරිව මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කොටගනිමින් එළිදැක්වෙන FIFA ප්‍රේක්ෂක කලාපය සකස් කෙරේ.
කොල්ලුපිටිය ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේ දි මෙම උත්සවය පැවැත් විණ. මෙම අවස්ථාවට සංචාරක කර්මාන්තය නියෝජනය කරන විශාල පිරිසක් සහ ජනමාධ්‍යවේදීන් ද සහභාගි විය.