ඔක්තෝබර් මස පැවති 69.8% උද්ධමනය මේ වන විට ඔක්තෝබර් මාසයේ දී 66%ක් දක්වා පහළ ගොස් තිබේ. ඒ අනුව, රජය ගෙන යන මුල්‍ය ප්‍රතිපත්තිය මඟින් ක්‍රමානුකුලව භාණ්ඩ වල මිල ගණන් අඩු වීමක් පෙන්නුම් කිරීමට රජය බලාපොරොත්තු වෙන බවත්, එහෙත් මෙම පවතින ආර්ථික අර්බුදය නිශ්චිතව නිමා වී ඇති බවට තමන්ට කිව නොහැකි බවත්, හෙතෙම මෙහි දී ප්‍රකාශ කරන ලදී.
කෙසේවුවත් රටේ පවතින ස්ථාවර දේශපාලන තත්ත්වය සහ සමාජ වාතාවරණය රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට ඉතාම වැදගත් වන බවත්, අඛණ්ඩව මෙම ස්ථාවරත්වය පවත්වාගෙන ගියොත් ලබන වසර අවසාන වන විට රටේ ආර්ථිකයේ යම් ශක්තිමත් භාවයක් ඇති කිරීමට අවශ්‍ය මූලික පදනම සැකසීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඒ මහතා පවසන ලදී.
2023 වසරේත් ආර්ථික අර්බුදයේ පසුබෑමක් මේ වන විට පුරෝකථනය කර තිබෙන අතරම මෙරටට පමණක් නොව ලොව බොහෝ රටවලට ආර්ථික අවපාතය ඉතා දැඩි ලෙස බලපා ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, නැවත ආර්ථිකය ස්ථාවර වීම ආරම්භ වූ වහාම ක්‍රමානුකුලව දැනට පවතින නීතිරීති ආර්ථිකයට පසුබෑමක් ඇති නොවීමට ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.