මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාව සිදු වෙයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ණය
ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ යුතු බවත් ඒ අනුව ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පැවසුවේ මීට පෙර පැවති සාකච්ඡා සාර්ථක මට්ටමේ පැවති බවත් ඒ අනුව නැවතත් සාකච්ඡා කිරීමට සියලු දෙනා අපේක්ෂා කළ බවත්ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාව මෙහෙයවන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙම සාකච්ඡාවට සියලු ණය හිමියන් සහභාගි වන බවද අමාත්‍යවරයා පැවසීය.