එමෙන්ම මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල් සිඳී යාමට හේතු වී ඇති බව එම පණිවුඩයේ සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යන සමාගම් දෙකටම එන්. එෆ්.පී මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බවත් එහි වැඩි දුරටත් සදහන් ය.
තමන්ට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කරන ලෙස ඉන්ධන අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද විදුලිබල අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයේ සදහන් කර සිටී.