පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    කඩවත මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව එක් වෙයි

    නොවැම්බර් 04, 2022

     කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පසුගියදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.

    ඒ, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා / සන්නිවේදන) ජනකාන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සමීප කරවමින් අනාගත නායකත්වය සඳහා පාසල් දරුවන් තුළ උත්තේජනයක් ඇති කිරීම මෙම වැඩසහනේ මූලික අරමුණ වන අතර, ඊට අවශ්‍ය මූලික මඟ පෙන්වීම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මගින් සිදු කෙරිණි.

    වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා / සන්නිවේදන) ජනකාන්ත සිල්වා මහතා අවධාරණය කළේ අනාගත නායකත්වය වෙනුවෙන් වර්තමානයේ දරුවන් තුළ පවතින කැපවීම ඉතා සාධනීය තත්ත්වයක් බවත්, ඒ වෙනුවෙන් දරුවන්ගේ සාමූහික කැපවීම හා නිර්මාණශිලිත්වය පැසසිය යුතු බවයි.

    මෙම වැඩටසටහනට කැළණි කලාපයේ අවිධිමත් අධ්‍යාපනය හා උපදේශනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදර්ශනී බණ්ඩාර මහත්මිය ද සහභගී විය. එම විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාර නිලන්ති පෙරේරා ගුරු මහත්මිය හා ඒ විෂය හදාරන සිසුන්ගේ ප්‍රධානත්වයෙන් එම පාසල් යූ ටියුබ් නාලිකාවේ එම අවස්ථාව සජීවීව විකාශනය කිරීම විශේෂත්වයකී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya