පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා අත්වැල් බැඳගත යුතුයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 04, 2022

    වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා අත්වැල් බැඳගතයුතු බවත්, 2001 වසරෙන් පසුව මෙරට මුහුණ දී සිටින්නේ ශ්‍රී ලංකාවට බලපෑ දරුණුම ආර්ථික අවපාතය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ වාර්ශික රැස්වීමට එක්වෙමින් ඊයේ(03) ඒ මහතා මේ බව පවසා ඇත.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ පසුගිය කාලය තුළ ඇතිවූ ගෝලීය අභියෝග හේතුවෙන් දියුණුවෙමින් පවතින බොහෝ රටවල් ආර්ථික අවපාතයකට ලක්වූ බවත්, බොහෝ රටවල උද්ධමන තත්වය ඉහළ ගිය බවත්ය.

    මේ වන විට රජය ජනප්‍රිය තීරණ වෙනුවට රටේ ආර්ථික තත්වය ඉහලට නැංවිය හැකි තීන්දු ගෙන ඇති බවත්, මෙම ආර්ථික අවපාතයෙන් ගොඩඒමට මෙරට ද්වී පාර්ශවික ණය හිමියන් මෙන්ම බොහෝ රටවල් උපකාර කිරීමට පොරොන්දු වූ බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව සිටින මට්ටමේ බොහෝ රටවල් සමඟ සංසන්දනය කරන විට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මෙරට දේශීය ආදයම් ඉතා අඩු මට්ටමක පවතින බවත්, සම මට්ටමේ බොහෝ රටවල් ඉන්ධන හා ගෑස් වැනි සම්පත්වලින් පෝෂිත බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට ආර්ථික අවපාතය වලක්වා ගැනීමට විකල්ප ඇති බවත්, අමාත්‍යවරයා පවසා ඇත. එහෙත් එවැනි සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙරටට ආර්ථික අවපාතයට විකල්ප නොමැති බවද රටේ ජනතාව සිටින පීඩනය වත්මන් ආණ්ඩුවට මැනවින් වැටහෙන බවත්, එයින් මිදීමට දේශීය ආදයම් වැඩිකර ගැනීමේ අවශ්‍යතාව ඉහළ අගයක් ගන්නා බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya