පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    මෙරට සංස්කෘතික සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්හී ප්‍රවර්ධනය පිළිබඳ නෙදර්ලන්තයේ අවධානය

    නොවැම්බර් 04, 2022

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී, නෙදර්ලන්ත තානාපති සමඟ අපේ රටේ සංස්කෘතික සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්හී ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය (31) දා පැවැත්විණි.

    නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මියත් එම තානාපති කාර්යාලයේ සංස්කෘතික ප්‍රතිපත්ති නිලධාරී නාමල් පෙරේරා මහතාත් සමඟ පැවති මෙම සාකච්ඡාවෙහි දී නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

    මෙහිදී ගාල්ල ලන්දේසි බලකොටුව සංරක්ෂණ හා භූමි දර්ශන සැකසීම, ත්‍රීකුණාමලය බලකොටුව සංරක්ෂණය, තරුණ කෞතුකාගාර විද්‍යාඥයින් පුහුණු කිරීම, දෙරට අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් හුවමාරු කර ගැනීම, චලන චිත්‍රපට ඩිජිටල්කරණය කිරීම, මෙරට ඇති ජන සංගීත ආයතන වැඩිදියුණු කිරීම, ලන්දේසි ලේඛණවල භෞතික තත්වය සංරක්ෂණය, මන්නාරම් බලකොටුවේ සංරක්ෂණය හා ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම, නෙදර්ලන්ත - ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වීම, නෙදර්ලන්තයේ ඇති ලාංකීය කෞතුක වස්තූන් 6ක් නැවත මෙරටට ගෙන්වා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් යෝජනා, අදහස් පල කෙරුණි. තවද, ජාතික ලේඛණ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල්කරණය හා සම්බන්ධ වාර්තාවක් තානාපතිනිය වෙත භාරදුනි.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරියන්, අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya