පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරයි - සතොස සභාපති

    නොවැම්බර් 04, 2022

    2022 නොවැම්බර් 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රජය සතු ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 05ක මිල අඩු කළ බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රජයේ නිල වෙබ් අඩවිය අමතමින් ඒ මහතා මේ බව අද (04) ප්‍රකාශ කළේය.

    ඒ අනුව, සුදු සීනි කිලෝවක් රුපියල් 238 ක් ද, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1300 ක්, පරිප්පු කිලෝවක් රුපියල් 398 ක් ද  තිරිගු පිටි නව මිල 279ක්  වශයෙන් නව මිල සංශෝධනය වී තිබේ.

    එමෙන්ම, සැමන් ටින් එකක නව මිල රුපියල් 585 ක් වන බව ද සඳහන් කළ ඒ මහතා ඉදිරියේ දී සතොස මඟින් ජනතාවට තවත් සහන ලබා දීමට හැකි වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya