අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ , ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර අවම කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (03) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,
මම මෙම අවස්ථාවට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල මහජන නියෝජිතයින්ට, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන්ට,ආරාධනා කළා.ඒ වාගේම අාපදා කළමනාකරණය සම්බන්ධ සියලුම ආයතනයන් හි නිලධාරීන්ට ආරාධනා කළා.
මේ සාකච්ඡාවේදී ම පෙනෙන දෙයක් තමයි එක් එක් ආයතන වල මනා සම්බන්ධීකරණයක් නැති බව.මේ වගේ වැඩසටහනකදී ඒක බරපතළ ගැටලුවක්.මේවා විසදාගත යුත්තේ සියලු ආයතන එක්ව ඒකාබද්ධව සකස්කරගත් වැඩපිළිවෙළක් අනුවයි. මෙතැන් සිටවත් ඒ අනුව කටයුතු කරන්න. සෑම මාස 2 කට වරක් ම අපි එකතුවෙලා ගංවතුරෙන් හා වෙනත් ආපදාවන් වලින් ජනතාව මුදා ගැනීම සඳහා සාකච්ඡා කරමු.
සෑම මාස 3 කට වරක් ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට ගොස් මේ පිළිබඳව ප්‍රගති සමාලෝචනය කරමින් ඉදිරි කටුක කටයුතු පිළිබඳ සොයා බලමු.ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයි ද පැවසීය.
ඇල මාර්ග සකස් කිරීම, කාණු පද්දති සකස් කීරීම,වාන් දොරටු සකස් කිරීම,ඇළ මාර්ග වලට ගස් කොළන් කඩා වැටීම අවම කිරීම,ගංගා මෝය කට වැලි ඉවත් කිරීම, ඇතුළු ගැටලු රාශියක් එහිදී ඉදිරිපත් විය.
මෙම කටයුතු ඉටු කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම, වාහන හා ඉන්ධන සපයා ගැනීම, සේවකයින් යොමු කිරීම, ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව,ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් පාලන ආයතන,පහත් බිම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය,කාලගුණ දෙපාර්තමේන්තුව,ඇතුළු ආයතන පැවරිණි. ඉදිරියේ දී ආපදා කළමනාකරණ කමිටු සඳහා මහජන නියෝජිතයින් ද සහභාගී කර නගන්නා ලෙස එහිදී දැනුම් දෙන ලදී.
මේ අවස්ථාව සඳහා වූ ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉංදික අනුරුද්ධ මැතිතුමන්ලා ඇතුලු ගරු මැති ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ප්‍රධාන සියලුම නගරාධිපතිවරු , ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු මහජන නියෝජිතයන්ට මෙන්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් , වාරිමාර්ග ,ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීන් සහභාගී විය.