අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී (03) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අතරතුරේදී. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ OFF Road ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කිරීමට ඒ සඳහා අවශ්‍ය වන ධාවන පථ ඉදි කිරීම සඳහා අවශ්‍ය රජයේ හා පෞද්ගලික අංශයේ ඉඩම් පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට රජය සූදානම් බවයි.
මීට අමතරව කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රචලිත ක්‍රීඩාවක් වන white water rafting ක්‍රීඩාව නීති ගත කිරීමට කටයුතු කරමින් විදේශිකයන්ගේ ආකර්ෂණය තවතවත් දිනා ගැනීමට හැකිවන පරිදි එම ක්‍රීඩාව ද දියුණු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා Glamping by offtrek ආයතනයේ අධ්‍යක්ෂක පූර්ණ සේනානායක, Maxxis Tyres ආයතනයේ සහකාර කළමනාකරු සමීර ගලහිටියාව සහ CEO Team Iron Man ආයතනයේ සෑම් චන්ද්‍රසෝම යන මහත්වරුන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි විය.