පාකිස්තානු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ දෙරට අතර සිදුකෙරෙන සහල්, බුලත් ඇතුළු අපනයනයන් තවත් වර්ධනය කිරීමටත්, එම ගිවිසුමෙන් තීරුබදු සහන ලබා නොදුන් වාහන හා වාහන වලට සම්බන්ධ නොවන (Auto and Non-Auto Sector) භාණ්ඩ 65කට ආසන්න ප්‍රමාණය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ද්වීපාර්ශවීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර, බතලේගොඩ සහල් පර්යේක්ෂණ හා සංවර්ධන ආයතනය මඟින් ප්‍රමිති පරීක්ෂාවට ලක් කෙරෙන, පාකිස්ථානයෙන් වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන බාස්මතී සහල් කෝටාවට අදාළ කටයුතු, පාකිස්ථාන මහකොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදි කෙටි කළකින් අවසන් කොට ඊට අදාළ ප්‍රචාරණයන්ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.
දෙරට අතර වෙළෙඳ,වාණිජ, ආර්ථික හා සංචාරක ක්ෂේත්‍රයන් වලට අදාළව එම සම්බන්ධතා තවත් පුළුල් කිරීම උදෙසා ඉදිරියේදී හවුල් වෙළෙඳ ප්‍රදර්ශන,ව්‍යාපාරික සම්මේලන පැවැත්වීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථාවන්ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර ඇතුළු අමාත්‍යාංශ මාණ්ඩලික නිළධාරීන්, පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන අනුයුක්ත අස්මා කමල් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.