පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    රිළවුන්, වඳුරන් හා දඩුළේනුන් විසින් වසරකට අපේ රටේ පොල් ගෙඩි මිලියන 107ක අස්වැන්න අහිමි කරනවා- කෘෂි ඇමති

    නොවැම්බර් 06, 2022

    වසරක් තුළ රිළවුන්, වඳුරන් හා දඩුළේනුන් විසින් අපේ රටේ පොල් ගෙඩි මිලියන 107ක අස්වැන්න රටට අහිමි කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයක් මගින් අනාවරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (04 දින) පෙරවරුවේ පැවැති වනජීවි රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

    වන සතුන්ගෙන් සිදුවන වගා හානි හා වන අලි - මිනිස් ගැටුම නිරාකරණය කිරීම සම්බන්ධව සීගිරිය වන රක්ෂිතය ආශ්‍රිතව සිදුවන මානව ක්‍රියාකාරකම් සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය සඳහා මෙම සාකච්ඡාව පැවැත්විනි.

    එම අවස්ථාවටආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    සීගිරිය වන රක්ෂිතය ආරක්ෂා කර ගැනීම මෙන්ම වන අලි හා මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා මෙහිදී යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබීය
    අනුව සීගිරිය රක්ෂිතය ආශ්‍රිතය ආශ්‍රිතව දැනට පදිංචිව සිටින පිරිස් ජනතාව ඉවත් නොකිරීමටත්, ඔවුන්ට ඉඩම් කච්චේරි විදිමත්ව පවත්වා එම ඉඩම්වල වගා කටයුතු සිදු කිරීමට ඉඩ දීම මෙන්ම නැවත කිසිවෙකුටවත් අලුතින් පදිංචිවීමට ඉඩ නොදෙන බව මෙහිදී අවධාරණය විය.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව සිදු කරන ලද නවතම පර්යේෂණ වාර්තාවක් තමන්ට ලැබී ඇති බව සඳහන් කළේය.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු හා පුහුණු ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද එම සමීක්ෂණ වාර්තාව අනුව මෙරට පොල් වගාවෙන් ගෙඩි මිලියන 107ක් වර්ෂයක් පාසා රිලවුන්, දඩුලේනුන් හා වඳුරන් විසින් රටට අහිමි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙරට වී අස්වැන්නෙන් සියයට 06ක් පමණ නොණරුන් විසින් විනාශ කරයි. එම ප්‍රමාණය සියයට 06ක් වුවත් එහි වටිනාකම ගත් කළ රුපියල් මිලියන ගණනක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වනඅලි - මිනිස් ගැටුම් වර්ධනයවීම සම්බන්ධව අචහස් පළ කළ අමාත්‍යවරයා අපේ රටේ තිබෙන අලි මංකඩ 16ම මිනිසුන් විසින් බළාත්කාරයෙන් අල්ලා ගෙන පදිංචිව සිටීම හෝ වගා කිරීම නිසා වන අලින් ගම්වැදීම වැඩිවී තිබේ. ලබන වසරේ දි අලිමංකඩ තුනක් නිදහස් කර ගැනීම ආරම්භ කරන අතර මෙම ගැටළුව විසඳීම සඳහා රජයට රුපියල් කෝටි ගණනක් වැය කිරීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya