පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    මහකන්නයේ දී වී වගාව සඳහා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට යුරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම එකවර

    නොවැම්බර් 06, 2022

    මෙවර මහකන්නයේ දී වී වගාව සඳහා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අවශ්‍ය යුරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම එකවර සැපයීමට තීරණය ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලට පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර සියලුම ප්‍රමාණයන් මේ වනවිටත් දිවයින පුරා පිහිටි 566ක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    සාමාන්‍යයෙන් වී වගාවේ දී යුරියා පොහොර යොදනු ලබන්ටන් වාර තුනකදීය.

    වී වපුරා හෝ ගොයම් සිටුවා දින 14ක් තුළ පළමු මුරය ද, සති 04කින් දෙවන මුරය ද , දින 40-42ක් අතර තුන්වන මුරය ද වශයෙන් පොහොර යෙදීම කළ යුතුය.

    ඒ අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුන හැර අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලටම දෙවන හා තුන්වන පොහොර මුර සඳහා අවශ්‍ය යුරියා පොහොර සමග MOP හෙවත් මඩ පොහොර ද එකවර ලබා දීමට කටයුතු යොදා තිබේ.

    නැගෙනහිර පළා‌තේ අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය MOP හෙවත් මඩ පොහොර ද ඒ සමගම ලබා දීමට නියමිතය.


    එම දිස්ත්‍රික්ක සඳහා එකවර යුරියා පොහොර නිකුත් කිරීම (05 දින) මඩකලපුවේ ලංකා පොහොර ගබඩාවේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. පොළොන්නරුව ලක්පොහොර ආයතනයේ දී (04) දින පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පොහොර ලබා දීමේ වැඩසටන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.


    2023 වර්ෂයේ දී යුරෝපය ඇතුළු සමස්ත ලෝකයම දැඩි ආහාර නිෂ්පාදනය පහළ යාමේ තත්ත්වයකට මුහුණ දීමට සිදුවන නිසා ආහාර අහේණියක් ඇති වීමේ අවදානමක් ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
    එමනිසා වගා කළ හැකි සියලුම ඉඩම් මෙම මාස් කන්නයේ දී වගා කිරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya