ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සුහද හමුවක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් රැසක් පිලිබඳ මෙහිදී අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර සාකච්ඡාවට ලක් විය.
මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ සංවර්ධනයේ සඳහා බලශක්ති කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමවේද හඳුන්වාදීමේදී අවශ්‍යතාව පිලිබඳ මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
නවසීලන්ත රජයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික විය.