පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    COP 27 සමුළුවට සහභාගීවීමට ජනපති ඊජිප්තුව බලා පිටත්ව යයි

    නොවැම්බර් 06, 2022

    ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද (06) පෙරවරුවේ පිටත්ව ගියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.


    මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත.


    COP 27 හි දී, පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රටවල් එකතු වේ.


    පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතය.


    පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහූ ද මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා එක්වූහ.


    ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සලසා ඇති බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) කිසිදු මාධ්‍ය නිලධාරියෙකු ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු මෙම සමුළුවට සහභාගී නොවනු ඇත. කෙසේ වෙතත්, අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති නිවේදන දේශීය මාධ්‍ය ආයතනය වෙත බෙදා හැරීමට ජනාධිපති මාධ්‍ය අංශය(PMD) විසින් සියලු කටයුතු සූදානම් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය (PMD)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya