පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ද්වී පාර්ශවික ණය හිමියන් සමඟ කළ සාකච්ඡා ඉතා සාර්ථකයි- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සෙමසිංහ

    නොවැම්බර් 07, 2022

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා ලැබිය යුතු එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මෙම වසර අගදී ලැබෙනු ඇති බවත්, මෙතෙක් ද්වී පාර්ශවික ණය හිමියන් සමඟ කළ සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමේ පවත්න බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සෙමසිංහ මහතා පවසයි.

    ඉකුත් නොවැම්බර් 03 දා ද්වී පාර්ශවික ණය හිමියන් සමඟ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

    වැඩිදුරටත් අදහස් දක්වමින් චීනය හා ඉන්දියාව ඇතුළු අනෙකුත් සියලුම ද්වී පාර්ශවික ණය හිමියන් මෙම සාකච්ඡා සඳහා සහභාගි වූ බවත්, ණය සම්බන්ධයෙන් කිසිඳු ණය හිමි රටක් මෙරටට කිසිඳු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බවත්, ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා ණය ලබාගැනීම කෙරෙහි සුවිසල් බලපෑමක් කරන බැවින් එම සාකච්ඡා වට සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    මෙම ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ බවත්, ණය හිමියන්ට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අවශ්‍ය බව දන්වා ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය එක්ව එය ඉදිරියේදී සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya