පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කෝපා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ

    නොවැම්බර් 08, 2022

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතව තිබේ.

    මේ අනුව සී/ස ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම නොවැම්බර් 9 වැනිදා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවා තිබේ.

    එසේම අද ( 8 වැනිදා ) රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතය.

    තවද, සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු කළමනාකරණයට අදාළ විමර්ශනය සදහා ලබන 11 වැනිදා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට (කෝපා කමිටුවට) අදාළ අංශ කැඳවා තිබේ.

    මේ අතර අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් ලබන සතියේ රැස්වීමට නියමිතය. මේ අනුව (8 වැනිදා ) අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

    එසේම ලබන නොවැම්බර් 10 වැනිදා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

    තවද, ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවද අද ( 8 වැනිදා ) හමුවීමට නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya