පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව අද සිට 11 වැනිදා දක්වා රැස්වේ

    නොවැම්බර් 08, 2022

    -දෙසැම්බර් 9 වැනිදා දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරේ.

    පාර්ලිමේන්තුව අද ( නොවැම්බර් 08 වැනිදා රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

    නොවැම්බර් 09 වැනිදා (හෙට ) පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මතකිරීමට නියමිතය.

    නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණ අමාත්‍යාවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 03ක් දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.

    උක්ත දින 03දී පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට තිබේ. එම දිනයන්හිදී පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ යෝජනා සඳහා වෙන් කොට තිබේ.

    නොවැම්බර් 11 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර එදින පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, ටී.බී ඒකනායක, තුරෙයිරත්නසිංහම්, පූජ්‍ය බද්දේගම සමිත හිමි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya