දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මෙහිදී අගය කළ නියෝජිතවරිය රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළාය.
දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්‍රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ සිය අපේක්ෂාව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය දේශගුණික විපර්යාස පිළිබඳ සියලුදෙනාට අධ්‍යයනය කළ හැකි හා දැනුම ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතනයක් වනු ඇති බව සඳහන් කළේය.
මේ පිළිබඳ තමන් දැනටමත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ එකඟතාව ඇතිව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කීය.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD)