වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් නීතියත් ආරක්ෂා කිරීමට විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බවයි. ඒය සම්මත කිරීම සඳහා සහය දුන් සියලු දෙනාට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.
උතුරේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා එම ප්‍රදේශවල ජංගම සේවා සංවිධානය කර තිබේ. යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පසුගියදා එවැනි ජංගම සේවා දෙකක් සංවිධානය කළේය.
මේ වන විට ඉන්දියාවේ පුරවැසියන් 11700 දෙදෙනෙකු මෙරට සිටි .ඔවුන්ට උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
ඔවුන්ගේ ගැටළු විසදීමට අමාත්‍යාංශ 12ක් සම්බන්ධ කොට ඇත අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක වීම කඩිනම් කර ඇත එහෙත් ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් මෙම ජනතාවගේ ප්‍රශ්න විසඳීම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා, එවැනි ජංගම සේවා සංවිධානය කළ අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළේය එම ජංගම සේවා ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇතැයි ඔහු කීය. ඉන්දියාවේ සිටින මෙරට පුරවැසියන් 33,000 ර ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බවද සුමන්තිරන් මහතා කීය