පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහයෝගය දැක්වීමට චීන රජයේ එකඟතාවය

    නොවැම්බර් 08, 2022
    ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහයෝගය දැක්වීමට චීන රජයේ එකඟතාවය - ශ්‍රී ලංකාව කිසි විටෙකත් තනි නොකරන බවට සහතික වෙයි 
    - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ 
     මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි-ශෙන්හොන් මහතා ප්‍රකාශ කරයි.
     
    ඔහු මේ බව ප්‍රකාශ කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (07) නිල වශයෙන් හමු වූ අවස්ථාවේ දී ය.
     
    දීර්ඝ කාලයක් පුරා දෙරට පැවති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාව ට තව දුරටත් සහයෝගය දක්වන බව ද මෙම සාකච්ඡාවේ දී චීන තානාපතිවරයා වැඩි දුරටත් කියා සිටි බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 
     
    ශ්‍රී ලංකාව කිසිසේත් ම තනි නොකරමින්, පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට මුදවා ගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට තානාතිවරයා මෙහි දී සහතික වීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya