මැයි 18, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ One Stop Unit” ක්‍රමය හඳුන්වා දෙයි

    නොවැම්බර් 09, 2022


     සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එකම ස්ථානයකින්...
     දින 10 – 21 අතර කෙටි කාලයකදී සංවර්ධන බලපත්‍රයට අනුමැතිය...

    සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “One Stop Unit” ක්‍රමය හඳුන්වාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී  නොවැම්බර් (10) පැවත්වේ.

    මෙම නව ක්‍රමවේදය මගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස
    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ආයෝජකයකුට සියලුම සේවා සපයන ආයතනයන්හි අවසරය ලබාගෙන සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාගැනීමට යම් කාලයක් ගතවේ. මෙම නව සේවා ඒකකය හඳුන්වාදීමත් සමඟ සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය අවම වේ. ඒ අනුව මෙම ක්‍රමය යටතේ දින 10 – 21 අතර කාලයකදී සංවර්ධන බලපත්‍රයට අනුමැතිය හිමිවනු ඇත. එමඟින් වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇතිවනු ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළකරයි.

    විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට මෙන්ම ආයෝජකයාටද අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලැබේ. එමඟින් නියාමනයේ විනිවිදභාවය වැඩිකළ හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

    මෙය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකවේ. ඒ අනුව මෙහි පළමුවන අදියර කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතය. දෙවන අදියර සියලුම නාගරික සංවර්ධන අධිකාරි පළාත් කාර්යාල තුල ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි තෙවැනි අදියර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති සියලුම පළාත් පාලන ආයතන තුල මෙම සේවාව ස්ථාපිත කිරීමට නියමිතය.

    ආයතන 26ක් ඇතුළත් කරමින් මෙම සේවා ඒකකය පිහිටුවා ඇති අතර එම සියලුම ආයතන නියෝජනය වනපරිදි විෂය පථ කමිටුවක්ද (Scope Committee) ස්ථාපිත කර ඇත. අදාල සංවර්ධන
    බලපත්‍රය සදහා අවසන් අනුමැතිය ලබාදෙනු ලබන්නේ එම කමිටුව මගිනි.
    මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන අනුමැතීන් නිකුත් කිරීම සඳහා මාර්ගගත අයඳුම්පත් ක්‍රමය (Online application system) ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය. එම ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කර මෙම නව කඩිනම් සේවා ඒකකය පිහිටුවා ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya