ජූනි 09, 2025
tami eng youtube  twitter facebook

    අලින්ට ගමන් කිරීමට ''අලිමංකඩ '' සුදුසු පරිදි සකස් කිරීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ඇරඹේ

    නොවැම්බර් 09, 2022

    වන අලි හා මිනිස් ගැටුම්වලට මූලික හේතුවක් ව පවතින මිනිසුන් අලිමංකඩවල පදිංචි වීම හා වගා කිරීම නවතා අලිමංකඩ සියල්ල වන අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි සකස් කිරීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රටේ දැනට වන අලින් හුවමාරුවන අලිමංකඩ 16ක් තිබෙන අතර මෙම අලිමංකඩ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක් ව තිබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මිනිසුන් අලිමංකඩවල අනවසරයෙන් පදිංචිවීම, නිවාස හා විවිධ ව්‍යාපාරික ස්ථාන ඉදි කිරීම මෙන්ම වගාව සඳහා යොදා ගැනීම නිසා වන අලින් ගම්වැදීමට මෙන්ම මිනිසුන්ට පහර දීමට එම කාරණයන් බලපා තිබේ.

    ඒ අනුව පළමු අදියර යටතේ වන අලි - මිනිස් ගැටුම් උග්‍රව පවතින අලිමංකඩ තුනක් නිදහස් කර ගැනීමට නියමිත අතර අලිමංකඩ තුළ හෝ ආසන්නයේ අනවසරයෙන් පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කර ඔවුන්ට වගාවට හා පදිංචිවීමට සුදුසු ඉඩම් ලබා දීමත්, ඔවුන්ට යම්කිසි වන්දියක් ලබා දීමටත් රජය තිරණය කර ඇත.

    අලිමංකඩ නිදහස් කර ගැනීම මගින් වන අලි- මිනිස් - ගැටුම්වලට යම් විසඳුමක් ලබා ගත හැකි වේ.
    මීට අමතරව තවත් ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් යෝජනා වී ඇති අතර වනෝද්‍යානවලට ගවයින් නිදහස් කිරීම වැළැක්වීම, වනෝද්‍යාන තුළ ඇති අනවසර ගවගාල් ඉවත් කිරීම, විදුලි වැට ඉදි කිරීම හා ඒ ආශ්‍රිතව සමොධානික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, ලබන වසර මුල සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    විශාල ජලාශ ඉදි කිරීමේ දී වන අලින්ගේ වාස භූමි නොසළකා හැර කටයුතු කිරීම මෙන්ම එහි දී වන අලින් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා වන තීරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද අලි - මිනිස් ගැටුම් ඉහළ ගොස් තිබේ.මෙම සියලු කාරණාවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya