පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අලි-මිනිස් ගැටුමට නිශ්චිත විසඳුමක්- අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක්

    නොවැම්බර් 09, 2022

     අලි මිනිස් ගැටුම විසඳීමට නිෂ්චිත වැඩපිළිවෙළක් සකස් කර ගැටුම අවම කර ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු කර ඇතැයි වනසංරක්ෂණ සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන අතර ඒ සඳහා ඕනෑම පාර්ශවයකට තම අඳහස් ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අලින්ට තිබූ භූමි අත්පත් කර ගැනීම නිසා මෙම අලි මිනිස් ගැටළුවට මුහුණ දීමට සිදු වී තිබෙන බවයි.

    අවසන් වරට අලි සංගණනයක් කර ඇත්තේ 2011 වසරේදීයි. එම සංගණයකට අනුව 2011 වසරේදී මෙරට අලි ගහණය 5879 සිටි අතර මේ වන විට අලි ගහනය වශයෙන් වැඩි වී තිබේ.

    දැනට අලි මංකඩ 16ක් මිනිසුන් විසින් අත්පත් කර ගෙන ඇති බවට හඳුනාගෙන තිබේ.

    මෑත කාලීනව මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි 300-400ක් මැරී ඇති බවත් මිනිසුන් 100 -150ක් අතර ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    ''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය මෙම ගැටළුව සම්බන්ධයෙන් යොමු කර තිබෙනවා. අද සතුන් වෙනුවෙන් පෙනී සිටින සත්ව සංවිධාන බොහොමයක් තිබෙනවා. ඒහෙත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින ආයතන අඩුයි. වන සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විශේෂ අධ්‍යානයක් සිදු කළා. එම වාර්තාව ඉදිරියේදී ලබා දීමට සූදානම්'' බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya