මැයි 18, 2025
tami eng youtube  twitter facebook

    ලස්සන සමක් සුදු විය යුතු නැහැ- නීරෝගී පැහැපත් සමක් විය යුතුයි - සුදු කළු, තළෙලු අපි ඔක්කොම දැකුම්කළු - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගම

    නොවැම්බර් 09, 2022

    ලස්සන සමක් වීමට නම් සුදු සමක්ම විය යුතු නැති බවත් නීරෝගී පැහැපත් සමක් වීම වැදගත් බවද චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගම මහත්මිය පැවසුවේය.

    ඇය මේ බව කියා සිටියේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ජාතික චර්ම සුවතා දිනයට සමගාමීව සුදු කළු, තළෙලු අපි ඔක්කොම දැකුම්කළු යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    වර්තමානයේ තරුණ ප්‍රජාව මෙන්ම විවිධ වයස් කාණ්ඩ වල පසුවන බොහෝ දෙනා සුදු වීම සදහා විවිධ ආලේපන භාවිතා කරන බවද, කෘතීමව සුදුවීම සදහා සිදුකරන විවිධ ක්‍රියාවන්හි අතුරු ආබාධ පසු කලෙක ඔවුන් භුක්ති විදින බවද කියා සිටියාය.

    කෘතිමව සුදුවීම සදහා විවිධ පුද්ගලයින් යම් යම් ක්‍රමවේද භාවිතා කිරීමත් ඉන්පසු ඒවායෙහි අහිතකර ප්‍රතිඵල භුක්ති විදීමත් හේතුවෙන් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සුදු කළු, තළෙලු අපි ඔක්කොම දැකුම්කළු යන මැයෙන් වැඩසටහන් මාලාවක් දියත් කරන බවද චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගම මහත්මිය අවධාරණය කළාය.

    ජාන වලින් අපට ලස්සන දුඹුරු පැහැති සමක් උරුම වී ඇතැයිද එය අප වැනි ඝර්ම කලාපීය දැඩි හිරු රශ්මියක් පතිත වන රටක සිටින විට මෙලනින් වර්ණකයෙන් ආරක්ෂා කිරීම සදහා වාසනාවකට උරුම වූ සමක් බවද කියා සිටි විශේෂඥ වෛද්‍යවරිය චර්ම රෝග සෑදීමේ හැකියාව මෙන්ම වයසට යෑම වැනිදෑ සදහා මෙලනීන් වර්ණකය මගින් ආරක්ෂාවක් සලසන බව සදහන් කළාය.

    සමේ වර්ණය වෙනස්වීම සදහා ජීවන රටාව, කන කෑම බීම, අවු රශ්මිය ආදී හේතු සාධක ගණනාවක් බලපාන බවද මූලික වශයෙන් අපගේ සමෙහි වර්ණය අපගේ ජානමත රැදී පවතින බවද පැවසුවාය.

    එන්නතක් භාවිතයෙන් හෝ ක්‍රීම් වර්ගයක් භාවිතයෙන් සමෙහි පාට තාවකාලිකව වෙනස් කළ හැකි වුවද දීර්ඝ කාලීනව වෙනස් කළ නොහැකි බව වෛද්‍යවරිය අවධාරණය කළේය.

    මෙම ප්‍රවෘත්ති සාකචඡාව සදහා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය සහ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ යන වෛද්‍යවරියන්ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya