විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග මාසිකව පවත්වන ප්‍රගති සමාලෝචන හමුවේදී මෙම සාකච්ඡාව සිදු විය.
වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කිරීම, නව ව්‍යාපෘති වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු කිරීම සහ එළඹෙන දෙසැම්බර් මස වන විට සංචාරක කලාප සහ කර්මාන්ත කලාප ඉලක්ක කර අඛණ්ඩව විදුලිය සැපයීම් පිළිබඳවද එහිදී වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි .
මේ අවස්ථාවට රාජ්‍ය ඇමතිවරු වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු සහභාගී වූහ.