දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම එරට ජාතික සභාව සඳහා (National Council) නියෝජිතයින් තොරාගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී සුහද පිළිසඳරක යෙදුණු තානාපතිවරයා දෙරට අතර දූත සම්බන්ධතා වැඩිකරගැනීම පිළිබඳව ද
සාකච්ඡා කළේය.
එසේම ළමා සහ කාන්තා යන දෙපාර්ශ්වය සවි බල ගැන්වීම පිළිබඳව ද විශේෂයෙන්ම කාන්තාව ව්‍යාපාරික වශයෙන් සවි බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
තවද පුනර්ජනනීය බලශක්තිය රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළේය.