වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය දැඩි උත්සාහයක් දරණ බවත් එය පහසු කාර්යයක් නොවන බවත් පෙන්වා දුන් ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා ආර්ථිකය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති වන විට
එය බිඳ දැමීමට ඇතැම් පිරිස් උත්සාහ දරණ බවද පැවසීය.
රටේ ආර්ථිකය ස්ථාවර කරමින් සිටින මෙවන් මොහොතක, දේශපාලන කෝණයකින් බලමින් එය කඩාකප්පල් කරයි නම්, මෙය ඒ සඳහා අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා කීය.
කරුණු නොදැන මෙවැනි කාරණා සම්බන්ධයෙන් අදහස් පළ නොකරන්නැයි ද නිවැරදි තොරතුරු තහවුරු කර ගෙන මෙවන් ප්‍රකාශ සිදුකරන්නැයි ද අමාත්‍යවරය ඉල්ලා සිටියේය