ජූනි 06, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනය සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 10, 2022

    ඉදිරියේ දී පනතක් මගින් අධ්‍යාපනය සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    පාර්ල්මේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අධ්‍යපනය පිළිබඳ ජාතික කොමිසම විසින් දස අවුරුදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ජාතික පාසල් යනුවෙන් නම් තැබීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

    බෝඩ් එක ගැසුවට පාසලක් ජාතික වන්නේ නැහැ. බෝඩ් එක මාරු වීමෙන් ජාතික හෝ රාජකීය වන්නේ නැහැමීට උදාහරණයක් තමයි බදුල්ලේ හල්දුමුල්ලේ ජාතික පාසල

    පාසල් දරුවන් සඳහා ලබා දෙන දිවා ආහාර වේල සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ එම ආහාර වේල සඳහා ලබාදෙන මුදල රු 30ට 60 දක්වා වැඩි කළ බවයි. එහෙත් එම මුදලද ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවම වශයෙන් එය රු 100ක් දක්වා වැඩකළ යුතු යැයිද සඳහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල් සඳහා කොළඹ ප්‍රධානපෙළේ පාසල් මගින් දිවා ආහාර සඳහා අනුග්‍රහය ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත් වලද ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොතත්තු වන බවද අධ්‍යාපන අමාාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya