පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී . අලවතුවල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය
2011 වන විට 5879 ක් වූ මෙරට අලි ගහණය මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා කීය.
මහවැලි ව්‍යාපාරයේ සිට බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති සිදු කර ඇත්තේ අලි මංකඩ ඇතුළු වනය එළි පෙහෙළි කිරීම නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී මෙම අලිමංකඩ වල සිටින ජනතාව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය. මෙලෙස නිසි පරිදි වන්දි ලබා දෙමින් එම අලි මංකඩ සිටින ජනතාව ඉවත් කර එම අලි මංකඩ 16 මුදවා ගැනීමෙන් මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. තවද අලි වැඩ සඳහා බාධක දෙකක් දැමීමට සැළසුම් කර ඇතැයිද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ වනජීවී අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. ලබන මාස අවසානයේ මේ සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අඳහස් ඉදිරිපත් කිරීමට සියළු දෙනාට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා කීය.
කැබිතිගොල්ලෑවේ සිදුවීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා, වනජීව දෙපාරත්මේන්තුවේ විශාල සේවක හිඟයක් ඇතැයි පෙන්වා දුන්නේය. ආයතනයන්ට ඉන්ධන ලැබෙන ප්‍රමාණය කළමණාකරණය කර ගත යුතු බවත් මෙම ගැටළුද මීට බලපා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව ඉදිරියේදී ජාතික වශයෙන් සැළැස්මක් ඉදිරිපත් කරන බවද කීය.
වඳුරන් සහ දඩු ලේන් ගැටළුව සම්බන්ධයෙන්ද විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් මෙම කමිටුව ලබාදෙන නිර්දේශ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් වඳුරා, රිලවා, මොනරා, වලි කුකුළා, වැනි සතුන් ආරක්ෂික සත්ව කාණ්ඩයෙන් ඉවත් කර ඇතැයිද කීය.