පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
දිවයින පුරා පාසල් 526ක් මෙම 13+ වෘත්තීය පුහුණු වැඩසටහන සඳහා නම් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් 19ක් මේ සඳහා තෝරාගෙන තිබෙන බව ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵල නොමැති මූලික දැනුමින් සවිමත් දරුවන්ට මෙම පාඨමාලා සඳහා යොමුවිය හැකිය.