එළඹෙන 75 වන නිදහස් දින සංවත්සරය වන විට අපේ ප්‍රශ්න විසඳාගනිමින් ඉදිරියට යා හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ප්‍රගතිය මෙන් ම පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති කොප් 27දේශගුණික විපර්යාස සමුළුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සභාව දැනුවත් කළේය.
මෙවර අයවැය සකස් කිරීමේදී රජයේ වියදම් පාලනය කරගැනීම, සෘජු සහ වක්‍ර බදු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා පැවසිය.
ණය ප්‍රතිව්‍යහගත කිරීමේ කාර්යයේ දී පුද්ගලික ණය,ජාත්‍යන්තර සංවිධානවලින් ගත් ණය සහ ඉන්දියාව, චීනය යන රටවලින් ගත් ණය ගැන සාකච්ඡා දිගටම සිදුකරගෙන යන බවද ජනාධිපතිවරයා පැවසිය.
''මේ සම්බන්ධයෙන් අනෙක් රටවල් සමග සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන් ජපානය සහ චීනය.ඔවුන් අපට ඉලක්ක දී තිබෙනවා. ඒවා වෙනස් වන්නේ නැහැ. අය වැයෙන් උත්සාහ කරන්නේ එම කටයුතු වේගවත් කරන්න.වැඩිපුර සංවර්ධන කටයුතු සහ ආයෝජන ගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේ සාකච්ඡා අවසන් වනතුරු කියන්න එපා කියලා. චීනය සහ ඉන්දියාව කියන්නේ මොනවාද කියලා අපි දන් නැහැ. තව පාර්ශව තිබෙනවා අපට සාකච්ඡා කරන්නා. කිසිම භයක් තියා ගන්න එපා.''
මේ වන විටත් උතුරේ ගැටළු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇතැයි ජනාධිපතිවරයා පැවසිය. උතුරු වෙනුවෙන් සංවර්ධන සැළසුමක් ඇති කර ඇති බවත් , උතුරේ ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද පුත්තලමේ සිට ත්‍රිකුණාමලය දක්වා බලශක්ති , සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එළඹෙන සතියේ උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවද ජනාධිපතිවරයා කීය.
''17 වෙනි සංශෝධනය සම්මත කර ගත්තේ ආණ්ඩුව සහ විපක්ෂය එක් වෙලා. දැන් ව්‍යවස්ථාදායක සභාව ඇති කළ යුතුයි. ව්‍යාවස්ථාදායක සභව ඇති කරන්නේ අගමැති, විපක්ෂ නායක සහ කථානායකවරයා එක් වෙලා. මෙය පටිපාටිමය කටයුත්තක්. මේ නම් සම්බන්ධයෙන් එකඟතාවයකට එන ලෙසද'' ජනාධිපතිවරයා කීය. සිවිල් සමාජයෙන් මෙම පත්කිරීම හැකි ඉක්මනින් කරන්න.එවිට මෙම සභාවන් පිහිටුවිය හැකිය.
අධිකරණ අමාත්‍යවරයා වැදගත් කාරණා 10 ක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ නීති පද්ධිතිය නවීකරණය කළ යුතුයි. අධිකරණ අමාත්‍යවරයා මෙම වසරේ සහ ලබන වසරේ මෙම නීති ඉදිරිපත් කරනු ඇති බවත් අමතර පාර්ලිමේන්තු දිනවල හෝ රැස් වී මෙම නීති සම්මත කර ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පැවති සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක් ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දෙන බරපතල පාරිසරික ගැටළු ඇති බව එහිදී පෙන්වා දුන් බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ , ජී 20 රටවල් කාබන් විමෝඡන අඩු කර නොමැති බවයි.මොන ම ආකාරයකින්වත් එම රටවල් ලබා දී ඇති පොරොන්දු ඉටු කර නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොප් 27 දී ජී 20 රටවල් සමග මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි මේ සම්බන්ධයෙන් ඔවුන්ට බල කිරීමක් කරනවා. අපේ ගොවින් ණය වෙලා තිබෙනවා. බරපතල ප්‍රශ්න වලට මුහුණ දී තිබෙන රටවල් , විදේශ ප්‍රතිපත්තියේ සහ පරිසර ප්‍රතිපත්තියේ කොටසක්.ජීවත් වීමේ අයිතිය අපේ මූලික අවශ්‍යතාවයක්''යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.