මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පති තනතුරු පුරප්පඩු පිරවීමට කඩිනමින් පියවර

    නොවැම්බර් 10, 2022

    විදුහල්පති තනතුරු පුරප්පඩු පිරවීමට කඩිනමින් පියවර ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදුහල්පතිවරු සඳහා පුරප්පාඩු 4000ක් පමණ තිබෙන බවත් පසුගිය සමයේ එම විදුහල්පති තරඟ විභාග නොපැවැත් වූ බවත්

    කඩිනම් මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.

    2019 විභාගයෙන් ලකුණු ලබා ගත් නමුත් සම්මුඛ පරික්ෂණයෙන් අඩු ලකුණු ලබාගත් අපේක්ෂකයින් 1700 සිටි. මෙම පිරිස තමන් තරඟ විභාගයට පෙනී සිටියද විදුහල්පති වරුන්ට අදාළ පත් වීම් ලබා නොදීම සම්බන්ධයෙන් අභියාචනයක් නීතිපතිවරයාට යොමු කර ඇතැයිද කීය. ඒ අනුව එම ගැටළුවලට විසඳුම් ලැබුණු සැනින් අදාළ පත් වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    අතුරු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ගත් ප්‍රතිපත්තිමය තීරණයට අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ කළ සියළු දෙනා විශ්‍රාම යා යුතුය. අධ්‍යාපන පරපාලන විශේෂ ශ්‍රේණියේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු 09 දෙනාගෙන් 07 දෙනෙකු මෙවර විශ්‍රාම යාමට නියමිතයි.

    ඒ අනුව අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණියේ 31 දෙනෙකු මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතව සිටින බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විභාග දෙපාර්තමේන්තුව වැනි විශේෂ ආයතනවල විශ්‍රාම යාමට සිටින එවැනි රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ ඉල්ලිමක් සිදු කළහොත් , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා විසඳුමක් ලබා දිය හැකි බවත් ආයතනවල පරිපාලනය කඩා නොවැටෙන පරිදි එම කටයුතුකළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya