මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් වසර දෙකකින් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 10, 2022

    රටේ පවතින තීරණාත්මක තත්ත්වයෙන් මිදීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සිය දායකත්වය සහ යුතුකම වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා සියලු පාර්ශ්වවල සහය අපේක්ෂා කරන බවයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය ව‍යවසායන්හි භාණ්ඩාගාර නියෝජිතයින්ගේ හමුවට අද (10) එක් වෙමිනි.

    උපායමාර්ගිකව වැදගත් වන රාජ්‍ය ව‍යවසාය 52 න් පමණක් 2022 වර්ෂයේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 966 ක් සහ 2021 දී රුපියල් බිලියන 286 ක අලාභයක් වාර්තා වී ඇත.


    “රටේ පවතින ආර්ථික අර්බුදය නිසා අපි සියලු දෙනාම පීඩනයට පත්වෙලා, රජයක් විදියට මේ තත්ත්වයෙන් ගොඩ ඒමේ වගකීම තවමත් අපි හැමෝටම තියෙනවා, ජනතාව හිතන්නේ රජය සතු ව්‍යවසාය ආර්ථිකයට බරක් කියලා. මෙම ආයතන වාර්ෂික වාර්තා සහ අවශ්‍ය වෙනත් තොරතුරු නියමිත වේලාවට ඉදිරිපත් නොකිරීම නිසා ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා." යැයි අමාත්යවරයා පැවැසීය.


    වසර දෙකක පමණ කාලයක සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකළ රාජ්‍ය ආයතන කිහිපයක් ඇති බව මෙම රැස්වීමේදී අනාවරණය විය.රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වන විටත් ප්රමාද වී ඇති වාර්ෂික වාර්තා 2022 වර්ෂයේ අවසානයට පෙර ඉදිරිපත් කළ යුතු අතර 2022 වාර්ෂික වාර්තාව 2023 මැයි 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතු බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya