විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත, සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන) ඇතුළු පනත් නවයක් සහ රෙගුලාසි පද්ධතියක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට නව විෂ වර්ග සමාජයට හඳුන්වා දී ඇති බවයි. අද සමාජය මත් ද්‍රව්‍ය ගිල ගන්නා තත්වයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කොතරම් උත්සාහ දැරුවත් නීතියේ තිබෙන ඇතැම් අඩුපාඩු නිසා අත්අඩංගුවට ගන්නා ඇතැම් විෂ මත්ද්‍රව්‍ය නැවතත් සමාජයට මුදාහරින තත්වයට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මෙම නව නීති පද්ධතිය හරහා විෂ ද්‍රව්‍ය නැවැත නැවත් සමාජයට යාම වැළැක්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. අයිස් නැමැති මත්ද්‍රව්‍ය , විෂ මත්ද්‍රව්‍ය ගණයට අයත් වී නොමැති බවත් ඒ අනුව අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙම සංශෝධන පනත ඇතුළුත් කර ඇති බව ඒ සඳහන් කළේය.
මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ඉතාම භයානක මත්ද්‍රව්‍යක් අපි මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය සොයලා බැලුවා , අනෙක් මත්ද්‍රව්‍යට වඩා මේක ඉතාම භායනක විදිහට මේවා පාවිච්චි කරන උදවියගේ මොළයේ ශෛල විනාශකරනවා. මිනිස්සු විකෘති තත්ත්වයට පත්කරන භායනක දෙයක් විශේෂයෙන්ම ඔවුන්ගේ මතය තමයි මේ ඖෂධයට ඇබ්බැහි වූ අයෙකු ජීවත්වීමේ කාලසීමාව අවුරුදු දෙකකට සීමා වෙනවා."
එහෙත් ඇතැම් පිරිස් තුළ ඇති නොදැනුවත්කම සහ කෑදරකම නිසා මෙම විෂ මත්ද්‍රව්‍ය වර්ග ෆාමසි තුළ පවා විකුණන තත්වයට අද පත්ව ඇතැයි අමාත්‍යවරයා කීය.
මත් ද්‍රව්‍ය ජාලය අද වඩාත් පුළුල් වි ඇති බවත් ඊසි කෑෂ් ක්‍රමයට පවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා තත්වයට පන්ව ඇතැයිද කීය. මෙරට ලක්ෂ 4 1/2 පමණ තරුන පිරිස විෂ මත් ද්‍රව්‍ය මිලදී ගන්නා තත්වයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.