මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ වන විට රජය මඟින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවම හා සාධාරණ මිලකට ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, පසුගිය මාස කිහිපය තුළ අත්‍යාවශය ආහාර ද්‍රව්‍යන්හි මිල ගණන් සැළකිය යුතු අන්දමින් පහළ යාමක් පෙන්නුම් කළේ ඒ අනුව බවත්ය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණයට ඇතුළත් නොවූවද මෑත කාලීනව සිමෙන්ති මිල විශාල වශයෙන් ඉහළ යාම සාමාන්‍ය ජනතාවට අහිතකර අන්දමට බලපා ඇති බැවින්, මිල අවම කිරීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කරන ලදී.
එමෙන්ම, සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සංගමයෙහි නියෝජිතයන් සඳහන් කළේ සිමෙන්ති සඳහා වූ ඉල්ලුම පහත යාමත්, ඇසුරුම්කරණ ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍යයන්හි මිල ඉහළ යාමත් මෙලෙස මිල ඉහළ යාමට බලපා ඇති බවයි. කෙසේවුවද, රටේ පවතින තත්ත්වය හමුවේ සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් කර්මාන්තය නොනැසී පවත්වාගෙන යාමේ වැදගත්කමත්, ඊට අවශ්‍යය ප්‍රතිපත්තිමය කටයුතු ඇතුළු සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඒ අනුව, සිමෙන්ති වලට අමතරව ඉදිකිරීම් කේෂේත්‍රය හා සම්බන්ධ අනිකුත් අමුද්‍රව්‍යයන් වන වයර්, යකඩ හා ගල් ඇතුළු අනිකුත් ද්‍රව්‍යයන්ගේ මිල ගණන් සම්බන්ධයෙන්ද ඊට අදාළ පාර්ශවයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර ඇතුළු අමාත්‍යාංශ උසස් නිළධාරීන්,පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් සහ දිවයිනේ ප්‍රමුඛපෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගම්හි ප්‍රධාන විධායක නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.