මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කටාන ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කෙරේ

    නොවැම්බර් 10, 2022

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කටාන ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කටාන ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව , එහි න්‍යාය සහ සම්ප්‍රදාය , ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු ක්‍රමවේදය, සම්ප්‍රදාය සහ නීති සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූයේ කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එන්. අසංග කමල්සිරි ද සිල්වා මහතා‍ විසින් පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සහ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන ජනකාන්ත සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වූහ. එසේම, කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කේ. සිසිර ප්‍රනාන්දු, උප සභාපති ආර්. ඒ. චමින්ද රත්නායක මහතා යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා සභිකයන් සියලු දෙනා මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වූහ.

    මෙහිදී ප්‍රාදේශීය සභා සභිකයෝ සක්‍රීයව දැනුවත් කිරීමේ වැඩසටහන සමග සම්බන්ධ වූ අතර, අතීතයේ සිට වර්තමානය දක්වා වූ දේශපාලන පරිණාමය සහ ලාංකීය දේශපාලනයේඓතිහාසික පරිණාමය තුළ වෙනස්විය යුතුව තිබූ හැරවුම් ලක්ෂයන් පිළිබඳවද සම්පත් දායකයන්ගෙන් ප්‍රශ්න නගමින් සිය අදහස්ද පළ කළහ.

    එමෙන්ම, එළඹෙන අයවැය සමයේදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයන් සජීවීව නැරඹීමට ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කිරීමටද මෙහිදි එකඟතාවය හිමි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya