මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    රණවිරුවන්ගේ නිරෝගී සුවය උදෙසා ''හෙළවිරු සුව ධරණී සුව සේවා'' වැඩසටහන ඇරඹේ

    නොවැම්බර් 11, 2022

    රුදුරු ත්‍රස්ත්‍රවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම උදෙසා දිවි හිමියෙන් කැප වී තිස් අවුරුදු යුද්ධය නිමාවට පත් කළ විරෝධාර රණවිරුවන් සහ ක්‍රියාන්විත රාජකාරී අතරතුර ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්
    සහ ඔවුන්ගේ පවුල් වල නිරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක''හෙළවිරු සුව ධරණී සුව සේවා''වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වැඩසටහන (10) දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ, කෑරගල රණවිරු ගම්මානයේදී ආරම්භ කෙරිණ.

     දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, රණවිරු සේවා අධිකාරිය එක්ව මෙම ''හෙළවිරු සුව ධරණී සුව සේවා''වෛද්‍ය සායන මාලාව දිවයින පුරා පිහිටි රණවිරු ගම්මාන ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී යුද්ධය අතරතුර ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරනු ලබයි. එහිදී ආබාධිත රණවිරුවන් උදෙසා ආධාරක උපකරණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණ.

    මෙම සමාරම්භක වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රණවිරුවන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya