මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    කලාකරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව කතෘභාගය ලබා දීම වැදගත් - අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    නොවැම්බර් 11, 2022

    කලාකරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව කතෘභාගය ලබා දීම වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත්කරු වශයෙන් කටයුතු කරන වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට අයත් රජයේ
    ආයතනය වන ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා එම ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා (09) අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    කලාකරුවන් සඳහා කතෘභාගය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (09 දින) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    මෙහිදී කලාකරුවන් සඳහා කතෘභාගය ලබා දීම ප්‍රමාද විම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු විමසූ අතර රූපවාහිණී නාලිකා මඟින් නිසි ලෙස අදාළ කලාකරුවන්ගේ නම් හා බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ලබා නොදීම හේතුවෙන් මෙම ගැටළුව ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා ගී පද රචක, සංගීත කතෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ හා ගීත නිර්මාපක කේන්ද්‍රයේ සාමාජිකයන් සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර ඇතුළු අමාත්‍යාංශ උසස් නිළධාරීන්, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ අධ්‍යක්ෂ හෙට්ටිගේ, ජාතික බුද්ධිමය දේපළ අධිකාරියේ ගණකාධිකාරි ආර්.පී.එස් රාජපක්ෂ, ශ්‍රී ලංකා ගී පද රචක,සංගීත කතෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ සභාපති ඩබ්.බී ගනේගල, ශ්‍රී ලංකා ගී පද රචක, සංගීත කතෘ හා ප්‍රකාශකයින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂවරුන් වන රංග දිසනායක හා ටී රාජ්කුමාර, ගීත නිර්මාපක කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරුන් වන ජානක වික්‍රමසිංහ, තිලක් හේවාකපුගේ හා පී ජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya