මෙහිදී ගල් අඟුරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂී තත්ත්වයන් පිළිබඳව කෝප් කම්ටුව සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළේය. මෙම පසුබිම යටතේ විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබුණු ප්‍රසම්පාදන ක්‍රියාවට අනුගතවීමේ දී සිදුව තිබූ දුර්වලතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරු අතර එකඟතාව පළ විය.
එසේම විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නීත්‍යානුකූල ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් ඉදිරිපත්කරන ලද කරුණු ද සැලකිල්ලට ගෙන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෝප් කමිටුව විසින් නියෝග කිරීම සිදු කරන ලදි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙම නියෝග කිරීම සිදු කළේ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 -2025 අතර කාල පරිච්චේදයට අදාළව ගල් අගුරු මිලදීගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් වූ 2022 සැප්තැම්බර් 30 දින ඉදිරිපත් කරන ලද විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කර බැලීමට එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මේ සඳහා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා කැඳවා තිබූණි.
මේ අනුව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරියේදී ක්‍රියාත්ම කිරීම සඳහා නිර්දේශ 8 ක් ඉදිරිපත්කොට තිබුණි.
1. ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ සියලු පාර්ශ්ව රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් ට අනුකූලව සිය වගකීම නිවැරදිව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීම හා එම තත්ත්වයෙන් බැහැර වන පාර්ශවයන්ට එරෙහිව සුදුසු ඉදිරි පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම.
2. මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2 ඡේදයේ සඳහන් අරමුණු වලට අගතියක් නොවන පරිදි සහ සැපයුම්කරුවන්ගේ මූල්‍ය ශක්‍යතාව,
පළපුරුද්ද, සැපයුමේ ගුණාත්මකභාවය, ප්‍රමාණවත් නෛතික බැඳීම් ඇතුළු මූලික අවශ්‍යතාවයන් ආරක්ෂා වන පරිදි ලංසුකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි මට්ටමකට ලිහිල් කර තරගකාරිත්වය උපරිම කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
3. ලංසු ලේඛනයන්ට සංශෝධනයන් සිදු කිරීමේදී අදාළ තහවුරු කිරීම් සහ බැඳීම් වලට අගතියක් නොවන පරිදි එවැනි සංශෝධනයන්ගේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුව එවැනි සංශෝධනයන් සිදු කළ යුතු අතර, එම සංශෝධනයට ගැලපෙන පරිදි ලංසු ලේඛනයෙහි අනෙකුත් වගන්ති හා ගිවිසුම් සංශෝධනය කිරීමට වගබලාගත යුතුය. ලංසු ලේඛනයන්ට ලංසු කැඳවීමෙන් පසු ප්‍රබල සංශෝධනයක් කිරීමෙන් හැකි සෑම විටම වැළකී සිටිය යුතුය. ලේඛනයන්ට පසුව කරන සංශෝධනයන්හිදී එම සංශෝධනයන්ට අනුගත වීම සඳහා සියලුම ලංසුකරුවන්ට සාධාරණ කාලයක් ලබා දීමට ක්‍රියා කළ යුතුය.
4. ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව සකස් කළ යුතු ප්‍රසම්පාදන සැලැස්ම පරිපූර්ණ ලෙස විධිමත්ව සකස්කර අනුමත කර එයට අනුගතව කටයුතු කළ යුතු වීම සහ කාලීනව ගල් අඟුරු සැපයීම තහවුරු වන පරිදි මූල්‍ය ප්‍රසම්පාදනයන් පිළිබඳ පූර්ව එකඟතාවයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
5. එසේ සැපයුම්කරුවෙකුට වැඩි සංඛ්‍යාවකගේ එකතුවකින් ප්‍රසම්පාදනය සඳහා කටයුතු කරන්නේ නම් එම එකතුවට නෛතික පුද්ගලභාවයක් ඇති බවට තහවුරු කරගත යුතු අතර එයට තිබිය යුතු ශක්‍යතාවයන් හා නෛතික බැඳීම් දැඩිව තහවුරු වන පරිදි ලංසු ලේඛන හා ගිවිසුම් ශක්තිමත් කර ගුණාත්මක ගරුත්වය කාලීනව ලැබීම තහවුරු කරගත යුතුය.
6. ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළ සංයුක්ත දර්ශක තීරණය කිරීමේදී උපරිම ආර්ථික වාසියක් රජයට ලබා ගත හැකි පරිදි එම දර්ශක සකස් කිරීමට යොදා ගන්නා කලාපීය දර්ශක පිළිබඳව කාලීනව නැවත සලකා බැලීමට කටයුතු කළ යුතුය.
7. 2022 සැප්තැම්බර් 22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයෙහි විවෘත ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කරමින් හා දැනට ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ප්‍රසම්පාදනයට සහභාගීවීමට අවස්ථාව ලබාදෙමින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අනුමතිය ලබාදී තිබුණි. විවෘත ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී ගල් අඟුරු සමාගම විසින් දැනට සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමේ දී මූල්‍ය හා තාක්ෂණික ශක්‍යතාවය ඇගයීමට ලක් කරනු ලබන අවම මූලික සුදුසුකම් ලංසු ලේඛනවල ලංසුකරුවන් ඇගයීමේ නිර්ණායක ලෙස ඇතුළත් කළ යුතු බව නිර්දේශ කෙරේ.
8. මෙම ප්‍රසම්පාදනයන්ට අදාළව වඩාත් ප්‍රශස්ත අනුමතීන් ලබා දිය හැකි වන පරිදි අවශ්‍ය අධ්‍යනයන් කිරීමට සහ තොරතුරු ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් අමාත්‍ය මණ්ඩලය වෙත ලැබෙන ලෙස නිවැරදි තොරතුරු අප්‍රමාදව ඉදිරිපත් කිරීමට අදාළ නිලධාරීන්ට නියම කිරීම.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, නලීන් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, මජිබර් රහුමාන්, රෝහිනී විජේරත්න, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ප්‍රේම්නාත් සී දොළවත්ත, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.